ඉන්දියාව ලංකාව තෙල් වෙළඳපොළ අල්ලයි..! ළඟදීම තවත් IOC ඉන්ධනහල් 94ක්…!

September 19, 2022 at 9:38 am | by emanisa.lk

තවත් ඉන්ධනහල් 94ක් ශ්‍රී ලංකාව තුළ අලුතෙන් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ඉන්දියන් ඔයිල් සමාගමේ අධ්‍යක්‍ෂ විග්යන් කුමාර් පවසයි.

ඊයේ (18 ) නාරාහේන්පිට එස්. එස්. කොතලාවල ඉන්ධනහලේදී පැවති උත්සව අවස්ථාවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

මෙරට තුළ දැනට ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල් 200 ක් පමණ තිබේ.

ඒවාට අමතරව තවත් ඉන්ධනහල් 94 ක් අලුතෙන් රටපුරා විවෘත කිරීමට කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

ඉන්දියන් ඔයිල් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කර වසර 20 ක් සපිරීම නිමිත්තෙන් එම උත්සවය සංවිධානය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *