බස් රථ ඇතුළු වාහන සඳහා යොදා ගන්නා ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් බස් රථ හිමියන්ගෙන් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සැබෑ තත්ත්වය රටට හෙළි කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
බස් රථවලට යොදවන ඔටෝ ඩීසල්වල දහනය වීමේ සම්භාවිතාව ඉතා වැඩි බවට බස් රථ හිමියන්ගෙන් පැමිණිලි රැසක් මේ වන විට ලැබී ඇතැයි ද ඔහු සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම ම මෝටර් රථවලට යොදන පෙට්‍රල්වල පවා දහනය වීමේ සම්භාවිතාව වැඩි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත් ඔහු පොලිස්පතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලීමක් කරයි.