ලංකාවට කඩු කන්ටේනර් 10ක් ගෙනාවා! ශ්‍රී ලංකාවේ සෑම නිවසකම කඩු තියෙනවා! – මරික්කාර්

May 11, 2019 at 10:00 am | by admin

අත්අඩංගුවට ගන්නා ආකාරයේ කඩු කන්ටේනර් දහයක්‌ 2010 වසරේ සිට චීනයෙන් ගෙනැවිත් ඇතැයි ද මෙවැනි කඩු ඕනෑ තරම් උක්‌ වගා කරන ප්‍රදේශවලින් සොයා ගත හැකි යෑයි ද කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී එස්‌.එම්. මරික්‌කාර් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.

සිංහල ප්‍රජාව මුස්‌ලිම් ජනතාව දෙස සැකෙන් බැලීම සාධාරණ නැතැයි කී මරික්‌කාර් මහතා ත්‍රස්‌තවාදීන් පැමිණියේ බෝම්බ බැඳගෙන මිස කඩු රැගෙන නොවේ යැයි ද කීය. ශ්‍රී ලංකාවේ සෑම නිවසක්‌ම පරීක්‌ෂා කළොත් මෙවැනි කඩු සොයා ගත හැකි බව ද හෙතෙම කීවේය. රටේ පවතින තත්ත්වය පිළිබඳ පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්‌ වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස