ලංකාවට එන්නත් ලබාදීමේ කිසි ප්‍රමාදයක් නෑ….! මාත්‍රා මිලියනය ඉක්මනින් එවනවා…! – ඉන්දියානු සමාගම කියයි..

March 9, 2021 at 8:21 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනය ප්‍රමාදයකින් තොරව ලබාදෙන බව ඉන්දීය සීරම් ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඊයේ (8) දැනුම් දී තිබේ.

ඒ අනුව එළැඹෙන සතියේ දී කොවිඩ් එන්නත් ලක්ෂ පහක් සහ අප්‍රේල් මස තවත් එන්නත් ලක්ෂ පහක් ලබාදීමට සීරම් ආයතනය එකඟ වූ බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක සඳහන් කරයි.
එළැඹෙන සතියේ ලැබීමට නියමිත එන්නත් සඳහා බදාදා (10) මුදල් ගෙවීම ද කිරීමට නියමිත ය. සැලසුම් කළ පරිදි කොවිඩ් එන්නත් ලබාදීමට නොහැකි බව සීරම් ආයතනය මීට පෙර නිවේදනය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *