ලංකාවට ආ සංචාරකයා කලකිරෙයි..! පැය පහෙන් ආපසු සිය රටට යයි…!

October 11, 2021 at 4:50 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකා සංචාරකයකු මෙරටට ආ අවස්ථාවේ මුහුණ දීමට සිදු වූ දුෂ්කරතා හේතුවෙන් පැමිණ පැය 05 කට පසු ආපසු ගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙසට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සංචාරක සංවර්ධන අධිකාරියට ලබා දුන් උපදෙස් අනුව මෙම පුළුල් විමර්ශනය ආරම්භ කර ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.

අදාළ ඇමෙරිකා ජාතික සංචාරකයා සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසන්නේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි තමාට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම සහ සිය නියෝජිත ආයතනය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා පැය 05 ක කාලය තුළ ආපසු ගිය බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *