අනුරාධපුරයෙන් පමණක් බස් රථ තුනක පිළිකා සහ වකුගඩු රෝගීන් කොළඹට ප්‍රතිකාර සඳහා යන බව රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, මිරිසවැටිය විහාරාධිපති, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ පවසති.
කන බොන සියල්ලෙහි වස බව පවසමින් කල් මැරුවා මිස රෝහල් තැනුවා මිස කිසිදු පාලකයකු ඒ සඳහා විසඳුමක් ඉදිරිපත් නොකළ බවත් එහිමියෝ සඳහන් කරති.
අපේ මුතුන් මිත්තන් අවු. 120ක් ජීවත් වුව ද අද පරමායුෂ අවු. 65ට වැටී ඇති බව ද ඒ සඳහා හේතු සොයා බැලිය යුතු බව ද ඥානතිලක හිමි ප්‍රකාශ කරයි.
ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ජනතාව අතරමං නොකර ඔවුන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය ධෛර්යය ලබා දෙන ලෙසත් රට ගැන සිතා කටයුතු කරන ලෙසත් එහිමියෝ විපක්ෂයෙන් ඉල්ලා සිටියහ.