රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් අඩු වෙයි….!

September 1, 2021 at 3:36 pm | by emanisa.lk

කොවිඩ් ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඔක්සිජන් අවශ්‍ය කෙරෙන අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (1) වන විට 959ක් දක්වා පහත බැස ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මුලින්ම එක් දහස් අසූ තුනක් ලෙස පැවතුණු ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව ඊයේ (31) වන විට එක් දහස් දෙකක් දක්වා පහත බැස තිබූ බව පැවසූ වෛද්‍ය හම්දානි, එම සංඛ්‍යාව ඉදිරියේ දී තව දුරටත් අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළ කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ද ඉදිරි සතිවල දී සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව තාක්ෂණික සේවා අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *