රෝග ව්‍යාප්ති පාලනය සතුටුදායක නෑ! රට ම ලොක්ඩවුන් කරන්න වෙයි! – GMOA

October 17, 2020 at 11:43 pm | by emanisa.lk

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් ඉදිරියේ දී රට ම ලොක්ඩවුන් කිරීමේ අවදානම් තත්ත්වයක් මතුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දැනට සිදුවන ක්‍රියාවලිය සතුටුදායක තත්ත්වයක නොමැති බවත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ලොක්ඩවුන් කර වෛර ව්‍යාප්තිය පාලනයට පියවර ගත යුතු බවත් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

කොරෝනා ආසාදිතයන් හමු වූ ප්‍රදේශ නිවැරදිව හඳුනා ගෙන ඒවා වසා දැමීමට කටයුතු නො කළහොත් වෛරසය සමාජගත වීමට ඉඩ ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැති බවට ද ඔහු චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස