රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින්ට නිවසේ සිට ප්‍රතිකාර කළ යුතුයි….! එය රෝහල්වල අනවශ්‍ය තදබදයට විසඳුමක්…! – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය….

May 4, 2021 at 7:34 am | by emanisa.lk

කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීම මත රෝහල් ධාරිතාව ඉක්මවායමින් පවතින නිසා රෝගීන් නිවෙස් තුළ තබා ගනිමින් විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදය මෙරට තුළ ද ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා පවසයි.

මේ වන විට ලොව බොහෝ රටවල් මෙම ක‍්‍රමවේදය අනුගමනය කරන නිසා කොවිඩ් රෝගියකු යැයි සැකකරන පුද්ගලයකු ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකු හෝ වෛද්‍යවරයකු දැනුම්වත් කරමින් නිවසේ සිට ප‍්‍රතිකාර ලබාගන්නා මෙම ක‍්‍රමවේදයට පිවිසීම කාලෝචිත බව ද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ් වාහකයකු බව දැනගත්ත ද රෝග ලක්‍ෂණ නොමැති නම් එම රෝගියාට නිවසේ සිට ප‍්‍රතිකාර ලබාගත හැකි ක‍්‍රමයක් පවතී නම් වහාම ඒ බව අදාළ අංශ දැනුම්වත් කිරීම මගින් කිසිදු අවදානමකට ලක්නොවී නිවසේ සිටම ප‍්‍රතිකාර ලබාගත හැකි බව ද වෛද්‍ය නවින්ද සොයිසා පෙන්වා දෙයි.

ඊට අමතරව හදිසි රෝග තත්ත්වයන් මතුව ඇත්නම් (උදා:- නිව්මෝනියා වැඩිවීම, උණ වැඩිවීම, කැස්ස තත්ත්වය වැඩිවීම ඇතුළු කොවිඩ් රෝග ලක්‍ෂණ) වහාම දුරකථනයෙන් වෛද්‍යවරයකු අමතා රෝහල් ගතවීමට ක්‍රියාකළ යුතු බව ද ඔහු කියා සිටියේය.

එමගින් බරපතළ රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් ද රෝහල්ගත වී ප්‍රතිකාර ලැබිය යුතු පිරිසට ද රෝහල් ද ලබා ගැනීමට පහසු වන බව නවින්ද සොයිසා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස