රේගු නීති කඩා මෙරටට ගෙන ආ කෝටි 700යේ දියමන්තිය රාජසන්තකයි!

March 10, 2019 at 11:31 am | by admin

පසුගිය කාලයේ රටේම කතාබහට ලක්වූ රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයෙකු බව කියන කැලුම් ඉන්දික නමැත්තා සතුව තිබී සොයා ගැනීමත් සමඟ එම දියමන්තියට සිදුකරන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම දියමන්තිය රේගු නීති රීති උල්ලංඝනය කරමින් සෞදි අරාබියේ සිට මෙරටට ගෙන්වා ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවීම නිසා එය රාජ සන්තක කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. එසේම මෙම දියමන්තියේ හිමිකාරීත්වය ඔප්පු කිරීමට එහි හිමිකරුට නීත්‍යනුකූල ලිපි ලේඛන කිසිවක්‌ නොමැති බව ද පොලිසිය පවසන අතර මැණික්‌ ව්‍යාපාරිකයා සතුව ඇති ලිපි ලේඛන පෞද්ගලික ආයතනවලින් ලබාගත් ඒවා බව ද පෙන්වා දෙයි.

අදාළ දියමන්තිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පෑලියගොඩ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් එය මැණික්‌ හා ස්‌වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර තක්‌සේරු වාර්තාවක්‌ ලබා ගැනීමට කටයුතු කර තිබූ අතර එම දියමන්තියේ නියම වටිනාකම ලබන 11 වැනිදාට දැනුම් දෙන මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කරයි.

මෙම දියමන්තියේ හිමිකරු වන මැණික්‌ ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබුණේ තමන් සෞදි අරාබියේ රැකියාවක්‌ කළ කාලසීමාවේදී පස්‌ ගොඩක තිබී මෙම දියමන්තිය හමුවූ බවයි. එසේම එම පස්‌ගොඩ දකුණු අප්‍රිකාවෙන් රැගෙන ආ ඒවා බව ද ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *