රේගු නිලධාරීන් මාසෙට පැය 600ක් අතිකාල දීමනා අරන්…!

May 24, 2024 at 7:07 pm | by emanisa.lk

රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් මාසිකව පැය 600 හෝ ඊට වැඩි අතිකාල ගෙවීම් ලබා ගෙන තිබෙන බව අනාවරණය වෙයි. ඇතැම් නිලධාරීන් පැය 300 හෝ 400 බැගින් මාසිකව අතිකාල දීමනා ලබා තිබේ.

මේ බව හෙළි වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කර තිබෙන පරීක්ෂණයකිනි.

දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම විධිමත් කර අතිකාල ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස මෙම පරීක්ෂණයෙන් පසුව විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ.

ජාතික විගණන කාර්යාලය සිය පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරන්නේ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ පැමිණීම සහ පිටවීම විශ්වසනීය ආකාරයට වාර්තා කිරීම ද සිදු නොවන බවය.

පැය විසිහතරක නිවාඩු දිනයක් සඳහා පැය විසි හතක අතිකාල ගෙවීමක් ද සාමාන්‍ය වැඩ කරන දිනයක් සඳහා පැය 18ක වශයෙන් අතිකාල ගෙවීම් කෙරෙන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *