රේගු අධ්‍යක්ෂවරිය ගෙදර යැවීම පිටුපස විල්පත්තුව වැනසූ බදූර්දීන්?

January 31, 2019 at 2:09 pm | by admin

(මෑත කාලයේ මෙරට රේගුවේ සේවය කළ හොඳම රේගු අධ්‍යක්ෂවරිය ලෙස සැලකෙන පී.එස්.එම් චාල්ස් මහත්මිය පිටුපස සිටින්නේ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් බවට ෆේස්බුක්හි ලිපියක් සංසරණය වෙයි. එය මෙසේය.)

බදුදීන් ගේ රේගු වංචාවන්ට සහය නොදුන්නට රේගු අධ්‍යක්ෂවරිය ගෙදර යවයි . . .

විල්පත්තුව වැනසූ බදුදීන් ගේ දෙවන බිල්ල වුයේ සතොස. සතොස සමග බැඳුනු විශාල වංචා රැසකට වග කිව යුතු රිෂාඩ් බදුදීන් ගේ නවතම බිල්ල පිළිබඳව අභ්‍යන්තර තොරතුරු රැසක් අද අපට හමුවුනා.

බදුදීන් ගේ මෙම නීති විරෝධී බිස්නස් වල ඉදිරිපස කටයුතු සඳහා පත්කොට තිබෙන සදික්කුයින් නමැති පිටකොටුවේ කළු කඩ මුදලාලි තම බෑනා වන ෆාසාල් මාර්ගයෙන් ශ්‍රී ලංකා රේගුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සිටින පී.එස්.එම් චාල්ස් මහත්මියට තම සේවා ස්ථානය තුලදීම මරණ තර්ජන පවා කිරීමට නොභියව ඉදිරිපත් වී තිබෙනවා.

මෙම සියල්ලටම හේතුව වශයෙන් ශ්‍රී ලංකා රේගුවේ ඉහල නිලධාරියෙක් අප සමග පැවසුවේ කිසිම විටක අප නොසිතන කතාවක්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින වෙළද ගිවිසුම් වලට අනුව ගම්මිරිස් සහ කරුන්කා අපනයන සඳහා ඉන්දියාවෙන් විශේෂ බදු සහන ලබා දී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගම්මිරිස් සහ කරුන්කා නිෂ්පාදන ඉතාම පහල මට්ටම පවතින බැවින් ඉන්දුනීසියාවෙන් සහ වියට්නාමයෙන් තත්වයෙන් බාල ගම්මිරිස් සහ කරුන්කා ලංකාව ගෙනාවා එම නිශ්පාදන ව්‍යාජය ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ලෙස ඉන්දියාව යවන ජාවාරමේ මහා මොලකරු වන අමාත්‍ය රිෂාඩ් බදුදීන් තම වංචාවන්ට කඩුලු බදින්න උත්සහ ගත් ශ්‍රී ලංකා රේගුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ සිටින පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනවාරි 29 වෙනිදා සිට එම ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය මංගල සමරවීර සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර් එච් එස් සමරතුංග මහත් හොරුන් ගේ සහය ලබාගෙන තිබෙනවා.

විවිධ අවස්ථාවන්හිදී රේගු අධ්‍යක්ෂ පී.එස්.එම් චාල්ස් මහත්මියට මෙම නීති විරෝධී කටයුතු සඳහා සහය පලකරන ලෙස මුදල් අමාත්‍යංශයේ රැස්වීම අවසානයේ පුද්ගලිකවම බලපෑම් කල මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා තම බලය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනවාරි 29 වෙනිදා සිට සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා. මේ සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් 29 වෙනදා අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පත්කිරීමට තමන් එකඟ නොවන බවට ඇති ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පහත ලිපියෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තම විරෝධය පල කර තිබෙනවා.

– උපුටා ගැනීම: –

ශ්‍රී ලංකා ජනාධිපති,

නිරීක්ෂණ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහල කළමනාකරණ තනතුරු සඳහා පත්කිරීම

උක්ත කරුණට අදාළව ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සම්භන්ධයෙන් මාගේ නිරීක්ෂණ පහත පරිදිවේ.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණියේ) උපලේඛනගත තනතුරක් බව මණ්ඩලයේ අවධානයට යොමු කරමි.

යම් සේවාවක් වෙත උපලේඛනගත කර ඇති තනතුරු ඉන් පරිබාහිර විශ්‍රාමික පුද්ගලයන් වෙත ලබා දීම, එකී සේවාවේ නිලධාරීන් ගේ සේවා පසුබැසීමට හේතුව වන අතර, මෙවැනි පත්කිරීම් රාජ්‍ය සේවය තුල නුසුදුසු පුර්වාදර්ශ ඇති කරයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයට උපලේඛනගත කර ඇති මෙම තනතුර සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් එම සේවාව තුල ප්‍රමාණවත් තරම් සිටින බව මගේ අදහසයි.

එබැවින්, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා වන මෙම පත් කිරීම හා එකග නොවෙමි.

2019 ජනවාරි මස 29 වන දින

මෛත්‍රීපාල සිරිසේන

– උපුටා ගැනීම අවසන් –

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *