රේගුව වනසන්නේ ව්‍යාපාරික මාෆියාව නොව අමාත්‍ය මණ්ඩල මාෆියාවයි!

February 7, 2019 at 11:43 am | by admin

පරම අධිකාරී මව්බිමට හිතැති පුරවැසියනි,

දිනකට රුපියල් බිලියන 3 කට අධික රාජ්‍ය ආදායමක් රැස් කරන රේගුව විනාශ කරන්නේ මංගල ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල මාෆියාවයි.

චාල්ස් මැතිණියට රේගු නීතිය බලගැන්වීමට ප්‍රධාන අවහිරය වී ඇත්තේ මුදල් අමාත්‍යංශ මාෆියාවයි. සමරවීර, සමරතුංග හා සමරවීරගේ ගෝල බාල කණ්ඩායමයි.

ETI තැම්පත් කරුවන්ගේ අරමුදල් බිලියන 34 ක් මංකොල්ල කා එයින් පැනගත් අපරාධකරුවකු වූ මනෝ තිත්තවැල්ල මුදල් අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස පත් කරගැනීමෙන් මංගල ඔහු මංගලද අවමංගලද යන්න රටටම හෙළි කළේය. එම තිත්තවල්ලගේ සහෝදරයකු වූ අනිල් තිත්තවැල්ල BMW ලංකා නියෝජිතයවූ PRESTIGE AUTOMOBILE සමාගමේ අයිතිකරුවූ ජර්මන් ජාතික ROITER ට හිමි HYUNDAI සමාගමේ අධ්‍යක්ෂ වරයෙකි. රුපියල් බිලියන 16 ක් රේගුවට වංචා කල PRESTIGE AUTOMOBILE සමාගම වෙනුවෙන් එම සමාගමට එරෙහිව පැවති රේගු නඩුවට පෙනී සිටියේ ඔහුය. එම රේගු නඩුව චුලානන්ද විසින් පාවාදුන්නේය.

එහෙයින් ඔහුට එරෙහිව ජනතාවගේ අයිතිය රකිමින් නාගානන්ද එම සමාගම වංචාකල බදු මුදල් අයකරගැනීමට අභියාචනාධිකරණයේ නඩු පැවරීය. මෙම නඩුවේදී චාල්ස් මැතිණිය පැහැදිළිවම චුලානන්ද යටතේ පැවති රේගු නඩුව හෙළා දකිමින් එම රේගු නඩුවේ තීරණය, අවලංගු කරමින් නැවත පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඒ බව අධිකරණය වෙත ලිඛිතව දැනුම් දුන්නේය.

මෙම නඩුවේදී මහජන අයිතිය ක්‍රියාත්මක කරමින් පෙනී සිටින නාගානන්දට එරෙහිව ජනාධිපති නීතිඥයින් 3 දෙනෙක් (ෆයිස් මුස්තාපා, මනොහරා ද සිල්වා, සංජීව ජයවර්ධන) ඇතුළු නීතිඥයින් 12 ක් පමණ පෙනී සිටියි. අභියාචනාධිකරණයේ විභාගවන මෙම නඩුව සම්බන්ධ මුලික විරෝධතා සම්බන්ධ නඩු තීන්දුව 2019 අප්‍රේල් මස 15 දිනට නියම කර ඇත. එසේ තිබියදී මුදල් අමාත්‍යාශයේ මාෆියාව එම නඩුවට මැදිහත් වෙමින් චාල්ස් මැතිනියට අනිසි බලපෑම් කළේය. නමුත් ඇය එය නොසලකා හැරියේය. එයින් ඇයට ඇමතිගේ ප්‍රසාදය අහිමි විය.

මනුෂ්‍ය ආහාරයට කොහෙත්ම නුසුදුසු පිළිකා විෂ කාරක පාම් ඔයිල් කන්ටේනර් 24 ක් රේගුවෙන් නිදහස් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවද එසේමය. එම අවස්ථාවේදීද චාල්ස් මැතිණිය පැහැදිළිවම එම වැරදි නියෝගය ප්‍රතික්ෂේප කරමින් තම ස්ථාවරය පැහැදිළිවම අධිකරණය වෙත ලිඛිතව වාර්තා කළේය. එපමණක් නොව වසර 20කට පමණ පසුව ප්‍රථම වතාවට රේගුවේ දුෂිත නිලධාරින් රැසක් ඉවත් කිරීමට ක්‍රියා කළේය. නමුත් ඉන් සමහරක් දේශපාලන බලය පාවිච්චිකර නැවත රේගුවට පැමිණියේය.

කකුලේ මේස් තුල රත්‍රං බිස්කට් කිලෝ තුනක් සඟවා ගන කටුනායක ගුවන් තොටුපලින් පැන යාමට උත්සාහ කර හසුවූ රේගු නිලධාරියාද නැවත සේවයට වාර්තා කිරීමට සමත්විය.

මව්බිම ගැන නිර්ව්‍යාජ කැක්කුමක් ඇති ඔබ දැනගත යුතු සත්‍ය මෙයයි. ඔබේ මව්බිම පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය ගිලගත් මාෆියාවක් මගින් මෙහෙයවයි. දැන් රට බෙදා හදාගන කන්න ලක ලෑස්ති වෙයි. මේ අතර සියල්ල මේ සංවිධානත්මක මාෆියාවට මහත් බියක් දක්වයි. මෙය බොහෝ විට කැප කිරීමක් කර මව්බිම මුදාගැනීමට ඔබට ලැබෙන අවසාන අවස්ථාව මෙය විය හැක. එයට නිර්භයව මුහුණදී අනාගත පරම්පරාව වෙනුවෙන්, ඔබේ දු දරුවන් වෙනුවෙන් මේ මාෆියාවෙන් මව්බිම මුදාගැනීමට පෙරමුණ ගත යුත්තේ ඔබය. නාගානන්ද ඒ සඳහා ඔබව අවැසි ශක්තිය ධෛර්ය දෙමින් නිබඳව දිරිමත් කරනු ඇත.

නාගනන්ද කොඩිතුවක්කු

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *