රෙජීම් චේන්ජ් සහ ලිංගික ඉරිසියාව

March 13, 2019 at 1:06 pm | by admin

රෙජීම් චේන්ජ් එකක දී භාවිතා කරන එක මානසික උපක්‍රමයක් තමයි ලිංගික ඉරිසියාව (Sexual Jealousy). ඇමරිකාවේ CIA නිලධාරීන් විසින් ලියූ තිර පිටපත අනුව ඩොලර් වලට රඟපෑ අලුත් පරපුරේ නළු නිළියන් 2014 දී සිදු කළේ එයයි. එනම් සමාජයේ සාමාන්‍ය තරුණයන් අතර දේශපාලන ලොක්කන්ගේ පුතුන් ගැන ඉරිසියාවක් ඇති කිරීම. ඒක කරන්න එච්චර අමාරු වුනෙත් නැහැ. ඒ වෙනකොට කට්ටිය ඇදගෙන නාගෙන ඉවරයි.

අද පොහොට්ටුවේ ඉන්න තරුණයන් දිහා බැලුවම මට පේනවා ඔවුන් එයින් කිසිම පාඩමක් ඉගෙන ගෙන නැහැ කියලා. පිටරට සවාරි ගහන පින්තූර, කොල්ලෝ කෙල්ලෝ එක්ක ගහන සෙල්ෆි, හෝටල් රෙස්ටුරටන් ඇතුළේ ඉඳන් කෑම කන පින්තූර බුකියේ දානකොට ඔවුන් දන්නේ නැහැ ඔවුන්ට එරෙහිව කොච්චර ඉරිසියාවක් සාමාන්‍ය තරුණයන් අතර ඇති වෙනවද කියලා. ඒක තමයි පොහොට්ටුවේ ඇත්ත ගොඩේ කම. නොම්මර එකේ තකතීරුකම.

ඒකට හේතුව තමයි තමා වටේ ඉන්න යාළුවෝ සෙට් එක. තමන් වටේ පිරිවර ඉන්න කොට හිතෙනවා මිනිස්සු තමන්ට ආදරෙයි කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඒ තමා වටේ ඉන්න සීමිත පිරිසට වඩා ඉතා වැඩි පිරිසක් සමාජයේ ඉඳන් ඔය විකාර දිහා ඉරිසියාවෙන්, තරහෙන්, දුකෙන් බලාගෙන ඉන්නේ කියලා. අපේ ජනතාව තාම ඡන්ද අයිතිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා, වරණයක් ආපු ගමන් අර ඇරියස් ටික කවර් කර ගන්නවා. මේක හොඳට පාවිච්චි කරනවා රෙජීම් චේන්ජ් ඒජන්ට්ස්ලා.

ජනතා නියෝජිතයා හැමවෙලාවෙම ඉන්න ඕන පුරවැසියාගේ මට්ටමේ නොවෙයි, පුරවැසියාගේ මට්ටමට වඩා පහළින්. ඒක මම කියන්නේ කපටි කමක් හෝ දේශපාලන උපක්‍රමයක් හැටියට නොවෙයි. ඇත්තටම ජනතා නියෝජිතයෙක් වුනාම බොරු ෂෝ කෑලි නවත්තන්න ඕනා. සාමාන්‍ය සාධාරණ සමාජයේ ගැටී ගැටී ඒ සමාජයේම ජිවත් වෙන්න ඕනා. එතකොට තමයි ඒ සමාජ ප්‍රශ්න ගැන නිවැරදි අවබෝධයක් ඇති වෙන්නේ. ඒ විතරක් නොවෙයි අර ඉරිසියාවට අහු නොවී ඉන්නේ. තමන්ගේ පෞද්ගලික ධනයෙන් ඕන නැටුමක් නටා ගත්තට කමක් නැහැ, ඒවා ලෝකෙට පෙන්නලා තාවකාලික වින්දනයක් ගන්න එක මෝඩ කමක්.

සටහන Eranda Ginige

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *