රූපවාහිනී නාළිකාවල පැවැත්වෙන දේශපාලන සාකච්ඡාවලදී ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ලබා දීම ඉතාම සීමා කිරීමට හෝ නතර කිරීමට මෙරට සියලු රූපවාහිනි නාළිකා තීරණය කර ඇත.
ඊට හේතු වී ඇත්තේ දේශපාලන සංවාද වැඩසටහන්වල විපක්ෂයේ සම අවස්ථාවක් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශවය විසින්ම දැඩිව ඉල්ලා සිටීමයි.
දැනට පැවැත්වෙන රූපවාහිනී සංවාද වැඩසටහන්වල ආසන හතරක් පමණක් පනවන අතර එම ආසන හතර ඔවුනට හිමි ජන ප්‍රසාදය අනුව ලබාදීමට මෙරට රූපවාහිනි නාළිකා වැඩි ප‍්‍රමාණයක් තීරණය කර ඇත.
ඒ විපක්‍ෂය ලෙස සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂයට ආසන දෙකක්ද ආණ්ඩුව නියෝජනය කරමින් ආසන දෙකක්ද වශයෙනි.
මේ අතර මැතිවරණ කාලය තුළ තමන්ට රූපවාහිනී විවාදවලට සහභාගි වීමට අවස්ථාව දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් පුද්ගලික රූපවාහිනි නාළිකාවක් කිහිපයකින්ම ආයාචනා කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වුවද ආසන හතරක් පමණක් ඇති රූපවාහිනී දේශපාලන සාකච්ඡාවක එක් ආසනයක් වෙන් කිරීම දේශපාලන පක්‍ෂ ලබා ඇති ජනතා පදනම අනුව සිදුකිරීමට එම ආයතනවල පාලනාධිනාරිය තීරණය කර තිබේ.
ඒ අනුව 3%ක ජන පදනමක් පමණක් ඇති ජවිපෙට ආසනයක් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඉදිරියේදී පෙර මෙන් ජවිපෙට දේශපාලන විවාදවල ඉඩ නොලැබෙනු ඇතැයි ද වාර්තා වෙයි!