රූපවාහිනී විවාදවලට යවන්නේ පූර්ව සූදානමක් ඇතිව සහභාගී වන පිරිස පමණයි! – පොහොට්ටුවේ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් තීන්දුවක්…..

June 21, 2020 at 11:29 am | by emanisa.lk

සෑම අපේක්ෂකයකුම එකිනෙකා විවේචනය නොකර මනාප සටන් ඇති කර නොගෙන කටයුුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ.

ඇතැම් දිස්ත්‍රික්කවල මනාප ලබාගැනීම සඳහා එකිනෙකා විවේචනය කරන තත්ත්වයක් මතු වී තිබෙන බවට ආරංචි ලැබීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම කර ඇත.

මහ මැතිවරණ කාලය තුළ රූපවාහිනී විවාද සඳහා කථිකයින් යෙදවීම සාධාරණ නොවන බවට මෙහි දී ඇතැම් අපේක්ෂකයින් පැමිණිලි කර තිබේ. එහිදී පූර්ව සූදානමක් ඇති අපේක්ෂකයින් පමණක් රූපවාහිනී විවාදවලට යොමු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත.

ඇතැම් අපේක්ෂකයින් කිසිදු පූර්ව සූදානමකින් තොරව විවාදවලට සහභාගි වීම නිසා ගැටලු මතුව ඇති බව මෙහි දී පෙන්වා දී තිබේ. සෞඛ්‍යාරක්ෂිතව සහ මැතිවරණ නීති රීතිවලට අනුගත වෙමින් මහ මැතිවරණය සිදු කරන ආකාරය පිළිබඳ විශේෂ ලිපි ගොනුවක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙහිදී සියලු අපේක්ෂකයින්ට ලබා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස