රූපවාහිනී ගුවන් විදුලි නාළිකා දේශපාලනඥයින්ට තහනම්..!

May 3, 2022 at 7:10 pm | by emanisa.lk

සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා අද සිට සිය ප්‍රවෘත්ති විකාශයන්දී හැර ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් වලට දේශපාලඥයින් සහභාගී කරගැනීම නතරකර ඇත.

ඒ වෙනුවට වෘත්තිකයින්,තාක්ෂණවේදීන් සහ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීනයින්ට ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුද විසඳීමට අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටු වීමට සියලු ම දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා විකාශකයන්ගේ සංසදය පවසයි.

එසේ ම සියලු වැඩසටහන්වලට ප්‍රමුඛතාව වන්නේ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුද පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම යැයි ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *