රූපවාහිනිය ජනපති යටතට ගැනීම මධ්‍ය නිදහසට තර්ජනයක්! යුද්දේ කාලේවත් මෙහෙම කළේ නෑ! මාධ්‍ය සදාචාරයක් ගැන කතා කළාට ජනාධිපතිට අවම සදාචාරයවත් නෑ! – රුවන්ගෙන් මෛත්‍රීට සැර ලිපියක්…

September 10, 2019 at 7:39 pm | by emanisa.lk

තම විෂය පථයට අයත්ව තිබූ ජාතික රූපවාහිනිය තමන් දැනුවත් කිරීමකින් තොරව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහසට තර්ජනයක් බවත් ඒ පිළිබඳව කනගාටුවට පත්වන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අතිශය දරුණු යුද්ධයක් පැවැති කාලසීමාවකදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර නොගත් බව පෙන්වා දෙන රුවන් විජයවර්ධන, ජනපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ගත් මෙම ක්‍රියාමාර්ගය මාධ්‍ය නිදහස තර්ජනයට ලක්වීමක් ලෙස අර්ථ දැක්වීම වැළැක්වීමට නොහැකි බවද පවසයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, රසඥතාව සහ මාධ්‍ය සදාචාරය නංවාලීම සඳහා මෙම පවරා ගැනීම සිදුකරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් කළ ද මෙම පවරා ගැනීම පිළිබඳ විෂය භාර ඇමතිවරයා වන තමන් දැනුම්වත් කිරීමට තරම් අවම සදාචාරයක් හෝ ජනාධිපතිවරයා නොපෙන්වා ඇති බවටද ඇමතිවරයා චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස