රු. 2000ට ඇන්ටිජන් පරික්ෂණ කරන්න බෑ…! ඇන්ටිජන් රෝහල් කාමරයක් බුක් කරන අයට විතරයි…!

August 30, 2021 at 12:06 pm | by emanisa.lk

කොවිඩ් ආසාදිත දැයි තහවුරු කරන රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව පෞද්ගලික රෝහල් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වෙයි.

රැපීඩ් සහ PCR පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් උපරිම මිලක් නියම කිරීම සමග මෙම තත්ත්වය උද්ගතව තිබේ.

ඒ අනුව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් සඳහා රු. 2000ක උපරිම මිලක් නියම විය. එම මුදලට අදාළ පරික්ෂාව සිදුකළ නොහැකි බව පවසමින් පෞද්ගලික රෝහල් මේ වන විට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව නතර කර තිබේ.

මුදල් ගෙවා දිනක් රෝහල් කාමරයක නතර වන්නේ නම් පමණක් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව කළ හැකි බව එම රෝහල්වලින් ඇන්ටිජන් පරික්ෂාවට පැමිණෙන ජනතාවට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *