රු. 1000 දෙන්න අකමැති වූ සමාගම්වලට වැඩ වරදී! වතු සමාගම් අටක ඉඩම් නැවත රජයට!

June 7, 2020 at 9:08 am | by emanisa.lk

පෞද්ගලික අංශයේ සමාගම්වල පාලනය සඳහා ලබාදී තිබෙන වතු සමාගම් අටකට අයත් ඉඩකඩම් නැවත රජයට පවරාගෙන සුදුස්සන්ට පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ආරංචිමාර්ග කියයි.

අදාළ වතු සමාගම්වල ඉඩම් රජයට පවරාගන්නට යන්නේ ඒවා පාලනය සඳහා භාරගනිද්දී රජය සමඟ ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව අදාළ සමාගම් ක්‍රියාකර නැති බැවිනි. පාලනය කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම, නැවත වගාවන් සිදුකිරීම, හිස් ඉඩම්වල වගාව සම්පූර්ණ කිරීම ඇතුළු පූර්ව කොන්දේසි ගණනාවක් සම්පූර්ණ කිරීමේ එකඟතාව මත අක්කර දහස් ගණනක් වූ වතු සමාගම් පාලනයට රජය භාරදී තිබිණි. මෙබඳු වැවිලි සමාගම් 23ක් යටතේ වතුකරය පාලනය වෙයි. එයින් 8ක් ගිවිසුම් උල්ලංඝනය කර ඇතැයි පැවසේ.

එසේම පසුගියදා රජය විසින් ප්‍රතිඥා දුන් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කිරීමේ තීන්දුව අනුව සෙසු වතු සමාගම් 15 කටයුතු කිරීමට එකඟත්වය පළකරද්දී මෙම සමාගම් 8 ඊට එකඟ වී නැත.

මෙම සියලු කරුණු සලකා බලා අදාළ වතු සමාගම් 8 රජයට පවරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි. ඉන් අනතුරුව එම වතු සමාගම් පාලනය සඳහා විකල්ප සැලසුමක් ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.

deshaya

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *