ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ලබා දීම සඳහා රුසියානු රාජ්‍ය සමාගම් දෙකක නියෝජිතයින් මෙරට පැමිණ සාකච්ඡා කර කර පිටව ගොස් තිබේ.
එම රුසියානු සමාගම විසින් ශ්‍රී ලංකාවට අවබෝධතා ගිවිසුම් සකස් කර ඒවා ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන් මේ සඳහා එකඟ වන්නේ නම් මාසිකව ඩොලර් මිලියන 300ක බොර තෙල් ණයට දීමට එම සමාගම සූදානම් බව දන්වා එවා ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම ඉන්ධන සඳහා මුදල් ගෙවිය යුත්තේ අවුරුද්දකට ණය සහන කාල සීමාවෙන් පසු බවත් එම ඉන්ධන ලබා දෙන්නේද ලෝක වෙළඳ පොලේ වත්මන් මිලට වඩා 15-35%ත් අතර අඩු මුදලකට බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ වෙතත් රුසියානු යෝජනාවට තෙල් සංස්ථාවේ නීති අංශයේ නිලධාරීන් විසින් මෙම සමාගමේ නීත්‍යානුකූලභාවය නොසලකා අදාළ ගනුදෙනු සිදුකළ නොහැකි බව දැනුම් දී ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ පිළිබඳ තමා නව ජනාධිපතිතුමාට ද දැනුම් දී ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ඊයේ (27) පාර්ලිමේන්තුව අමතමිනි.