රුසියාවෙන් මැදපෙරදිගින් අඛණ්ඩව තෙල්…! 10 වෙනිදා සිට සියල්ල යථා තත්ත්වය⁣ට…!

June 29, 2022 at 6:19 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා කරන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.

එහිදී රුසියාවෙන් ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාව කරන බවද ඔහු පැවසීය.

මේ වන විටත් බලශක්ති අමාත්‍යවරයා කටාරයේ ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡාවකට ගොස් සිටින බව ද පැවසූ ඔහු ඉන්දියාවද ඉතා සුබවාදී තැනක සිටි බව සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 10 දා සිට ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *