රුසියානු මිතුරු ශ්‍රී ලංකාවට අතදෙයි… තෙල් සමාගම් නියෝජිතයින් කටුනායකට…! පිළිගන්න විමල් ගුවන්තොටට යයි…!

July 7, 2022 at 12:59 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයින් දෙදෙනෙක් අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණයහ.

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇණ හිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබේ.

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *