රුවන් නියෝජ්‍ය නායක වී පැය 24ක් නෑ! ජාතික සංවිධායක නවීන් අකුළ ගෙන ගෙදර යයි!

September 16, 2020 at 9:26 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ ලිපි ගොනු ඊයේ (15) ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.

ජාතික සංවිධායකවරයා තමන්ට හිතවත් පිරිසක් සමග පැමිණ මෙලෙස ලිපි ගොනු ඉවත් කරගෙන ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන පත්වී පැය 24ක් ගතවීමට ප්‍රථම ජාතික සංවිධායකවරයා සිය කාර්යාලයේ ලිපිගොනු ඉවත්කර ගැනීම විශේෂත්වයකි.

නවීන් දිසානායක පසුගිය සමයේ ප්‍රකාශ කළේ එජාප නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *