අද වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යම් ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඩොලරයේ අගය වැඩිවීමෙන් සිදුවන අවාසිය වාසියක් බවට පරිවතනය කරගත යුතු බවය.
ඒ සඳහා අනවශ්‍ය දේවල් මෙරටට ගෙන්වීම නවතා දැමීම වැනි ක්‍රියාවලියක් දෙස ආපසු හැරී බැලීමට මෙය හොඳ අවස්ථාවක් බව ද හෙතෙම පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, දෙරණ රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමිනි.