රුපියල නගිද්දී බන්දුල නෝ කතා! මදූෂ් ඇල්ලූ ගෞරවය අපටත් ඕන!

February 13, 2019 at 1:29 am | by admin

රුපියල අවප්‍රමාණ වන විට පැයෙන් පැය බ්‍රේකිං නිව්ස් ගහපු අයත් බන්දුල ගුණවර්ධනත් රුපියල ශක්තිමත් වන විට නිහඬ යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ මදූෂ් අත්අඩංගුවට ගැනීමේ ගෞරවය පිරිසක් ලබා ගැනීම වැරදි බවය. එම මෙහෙයුම ආරම්භ කළේ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වසර එකහමාරකට පමණ පෙර යැයි හෙතෙම පවසයි.

එසේම ආණ්ඩුවේ යම් වරදක් සිදුව ඇත්නම් නායකයා එහි වගකීම භාරගත යුතු යැයිද කියයි. එසේම 2020 දක්වා ආණ්ඩුව පවත්වා ගෙන යාමට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය යැයිද හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *