රිෂාඩ් බදියුදීන්ගේ අසාද් සාලිගේ සහාය ගන්න ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට අපේ සහාය නෑ! – පිවිතුරු හෙළ උරුමය

May 14, 2019 at 6:40 am | by admin

රිෂාඩ් බද්යුදීන් අසාද් සාලි සිටින ආණ්ඩුවක පිවිතුරු හෙළ උරුමය නොසිටින බව එහි නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

“ශ්‍රී ලංකාව තුල මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් බවට පෙරලී පාස්කු ඉරිදා මහ විනාශය සිදු කරන තෙක් එය පෝෂණය කිරීමට සෘජුවම වගකිවයුතු දේශපාලකයින් දෙදෙනෙකු අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා සහ අසාත් සාලි ආණ්ඩුකාරවරයා. අන්තවාදින් සුළු පිරිසකට මේ රට නටවන්න රිදවන්න සොලවන්න පුළුවන් වෙලා තිබෙන්නේ සිංහලයා දෙකට බෙදිලා ආණ්ඩු හදන්න අන්තවාදින් වන්දනා කරන නිසා.”

“ඒ නිසා පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. ඒ අනුව රිෂාඩ් බදියුඩීන් හෝ අසාද් සාලිගේ සහය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට පිවිතුරු හෙළ උරුමයේ සහය ලබා දෙන්නේ නෑ කියන තීන්දුව අපි ගත්තා. අපි කෙතරම් ප්‍රිය කරන ගරු කරන අපේක්ෂකයෙකු වුවත් ඔවුන්ගේ සහය ලබනවා නම් ඒ අපේක්ෂකයාට අපේ සහය ලබා දෙන්නේ නෑ. අන්තවාදීන්ගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවලට මේ රට ලේ විලක් ගිණිගොඩක් බවට පත්කරන්න ඉඩ දීමට මීට සති තුණකට කලින් හැලුණු කදුලු ඉඩ දෙන්නේ නැති නිසා.”

“දැන් අපෙන් අසාවි. නම් දෙකක් විතරද? අර නම නැත්තේ ඇයි? මේ නම නැත්තේ ඇයි? කියලා. ෆේස්බුක් එකේ පෝස්ට් දාන හැඟීම් බර තරුණයෙකු විධියට වගකිව යුතු දේශපාලන පක්ෂයකට හැසිරෙන්න බෑ. අපි නම් ගනනාවක් සලකල මුස්ලිම් අන්තවාදය පෝෂණය කල බවට නිස්චිත ශාක්ෂි තිබෙන අත්අඩංගුවට ගැනීමට තරම් මේ අපරාධයට සම්බන්ධ බවට තොරතුරු තිබෙන පුද්ගයන් පමණයි අප නම් කලේ.ඔබට තව තියෙනවනම් තොරතුරු අපට ලබාදෙන්න. අප ලෑස්තියි ඒ නම් සලකා බලා මේ ලයිස්තුව ඕනෑම වෙලාවක දිගු කරන්න. ඒකට මේ ලයිස්තුව විවෘතයි. මේ ලැයිස්තුවේ ආරම්භය පමණයි.”

ඊයේ (13) “ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගත යුතු මග” මැයෙන් උදය ගම්මන්පිල, විමල් වීරවංශ මන්ත්‍රිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේ දී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස