රිෂාඩ් කබීර් ඇමති බාන ඉස්ලාම් ත්‍රස්ත ව්‍යාපාරවලට සම්බන්ධයි! ත්‍රස්තවාදීන් ගැන පරීක්ෂණවලටත් බාධා කරලා! – ජනාධිපති කොමිසම හමුවේ සියල්ල හෙළිවෙයි…. (video)

March 6, 2020 at 12:11 pm | by emanisa.lk

හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන ​ෆෙටෝහි මෙරට ව්‍යාපාරවලට සම්බන්ධ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී ඊයේ (5) අනාවරණය විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි ඊයේ (5) මෙම කොමිසම හමුවේදී සාක්ෂි ලබා දුන්හ.

එහිදී කොමිසම සිදුකරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් දෙදෙනාම සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ තුර්කි ත්‍රස්ත සංවිධානයක් මෙරට ව්‍යාපාර පවත්වාගෙන ගිය බවත් ඒ සඳහා හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකු වන රිෂාඩ් බදියුද්දීන් සහ කබීර් හෂීම් සම්බන්ධ වී කටයුතු කළ බවත්ය. මෙම ව්‍යාපාර සඳහා වැඩි ආයෝජනයක් රිෂාඩ් බදියුද්දීන් හිටපු ඇමැතිවරයා යොදවා ඇති බවද කොමිසම හමුවේදී හෙළිවිය.

මෙලෙස පවත්වා ගෙන ගිය ජාත්‍යන්තර පාසල් මගින් ළමුන්ගේ මනස විකෘති කරන දෑ ඉගැන්වූ බවට සාක්ෂි ද ඉදිරිපත් විය. එසේම තුර්කි රජය මගින් අදාළ ත්‍රස්තවාදීන් පිළිබඳ ශ්‍රී ලංකා රජය දැනුම්වත් කළ ද එම පරීක්ෂණ කටයුතු සඳහා කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඇමති රිෂාඩ් බදියුදීන් මෙන්ම කබීර් හෂීම් ද බාධා කළ බව ද එහිදී අනාවරණය විය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස