රිෂාඩ්ට තවත් නඩුවක් වැටෙන ලකුණු….? නිවසේ මෙහෙකාර දැරිය ගිනි ඇවිලී මරුට….!

July 15, 2021 at 8:55 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිණී ඇවිලී බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කළ බාලවයස්කාර දැරිය දින 12කට පසු අද (15) උදෑසන මිය ගොස් තිබේ.

බොරැල්ල පොලීසිය මේ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය වෙත අද (15) දැනුම් දුන්නේය.

රෝහලට ගොස් දැරිය පරික්ෂා කළ මහේස්ත්‍රාත්වරිය, දැරිය පිළිස්සුම් තුවාල ලත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකරනු ලැබුවාය.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙස බොරැල්ල පොලීසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.

ඉකුත් 03 වැනි දා සිරුරට ගිනි ඇවිලීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිය දී මෙසේ මියගොස් ඇත්තේ ඩයගම, ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති 16 හැවිරිදි බාල වයස්කාරියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස