රිෂාඩ්ට ඇමති ධුරයක් දුන්නොත් යළි විශ්වාසභංගයක් ගේනවා! – රතන හිමි

July 12, 2019 at 4:53 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන්ට යළිත් අමාත්‍යධුරයක් ලබා දුනහොත් ඔහුට විරුද්ධව නැවත විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක සහයෝගය ඇතිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවත් එහිමියන් සඳහන් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පසුව බදියුදීන් ඇතුළු සියලු මුස්ලිම් අමාත්‍යවරු සිය තනතුරුවලින් ඉල්ලා අස්වූහ.

පසුව කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් තම අමාත්‍ය ධූරයන්හි දිවුරුම් දුන් අතර අනෙකුත් අමාත්‍යවරුන්ද යළිත් සිය අමාත්‍යධුර ලබා ගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි ප‍්‍රකාශ කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස