රිෂාඩ්ගේ මෙහෙකාරිය බාල වයස්කාරියක් නෙමෙයි…! සිය දිවි නසාගත් බවත් ඇය ප්‍රකාශ කරලා..! දූෂණයක් වුණත් මිය ගිය පසු නීතියක් නෑ….!

July 30, 2021 at 8:42 am | by emanisa.lk

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී මියගිය දැරියගේ වයස අවුරුදු පහළවක් ලෙස මාධ්‍ය වාර්තා කළ ද ඈ බාලවයස්කාරියක් නොව වයස අවුරුදු 16ක තරුණියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක සඳහන් කරයි.

තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බව ඇය මරණාසන්න ප‍්‍රකාශය ලෙස වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි.

මියගිය තැනැත්තියගේ මරණාසන්න ප්‍රකාශය සාක්ෂි බවට පත්වන අතර ඉන් එහාට ගොස් නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැති බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම නඩුවේ ස්වභාවය අනුව එම මරණය සියදිවි නසා ගැනීමක් බව ද ඔහු සඳහන් කළේය.

ඇයට දුෂණයක් හෝ ලිංගික බලපෑමක් වී තිබුණා ද ඇය මියගොස් ඇති නිසා ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කල නොහැකි බවට ද ඔහු තර්ක කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී නීතිඥ ගුණරත්න වන්නිනායක මෙම අදහස් පල කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *