රිෂාඩ්ගේ බිරිඳට සහ මාමණ්ඩියට ඇප…!

September 17, 2021 at 6:43 pm | by emanisa.lk

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි, රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ සහ මාමණ්ඩිය ඇපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තීරණය කළේය. ඒ අනුව ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයෙහි පදිංචි කිදර් මොහොමඩ් සියාබ්දීන් අයීෂා සහ ඇගේ පියා වන අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන් යන දෙදෙනායි.

රිෂාඩ් බදියුදීන් මහතා‍ගේ නිවසේ සේවය කරමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් මෙහෙකාර දැරියක් මියයාමේ සිදුවීමට අදාලව මෙම දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

සැකකරුවන් දෙදෙනා මුදාහරිමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය සඳහන් කළේ විමර්ශන නිළධාරීන්ට කිසිදු බලපෑමක් සිදු නොකළ යුතු බවයි. එවැනි බලපෑම් සිදුකර ඇති බවට අධිකරණයට තහවුරු වුවහොත් ඕනෑම අවස්ථාවක ඇප අවලංගු කර යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද මහේස්ත්‍රාත්වරිය පවසා තිබේ.

මෙම සිදුවීමේ පස්වැනි සැකකරු ලෙස නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *