රිෂාඩ්ගේ නිවසේ තවත් අභිරහස් මරණ දෙකක්…! තරුණිය සියදිවි නසාගත් බවට කිසිදු සාක්ෂියක් නෑ….! කළුවර කාමරේ අඳුර මැකුවේ කඩදාසි දල්වලා…!

July 26, 2021 at 8:25 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු තව් තරුණියන් දෙදෙනෙකු පසුගිය සමයේ අභිරහස් ලෙස මරුමුවට පත්ව ඇතැයි විමර්ශන කණ්ඩායම් හෙළිදරව් කරගෙන තිබේ.

ඉන් එක් තරුණියක දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති අතර අනෙක් තරුණිය හදිසි රෝගාබාධවලට ලක්වීමෙන් මරුමුවට පත්ව තිබේ. එහි අලුත් ම ගොදුර සිරුරේ පිළිස්සුම් තුවාල සහිතව මිය ගිය 16 හැවිරිදි තරුණියයි.

මෙම නිවසේ තරුණියන් 11 දෙනෙකු සේවය කර ඇති අතර ඔවුන් සියලු දෙනා දැඩි කායික මානසික හිංසාවලට ලක්ව ඇති අතර බදියුදීන්ගේ මස්සිනා විසින් තමා දෙවරක් දූෂණය කළ බව ඉන් එක් තරුණියක පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.

මෙම තරුණියට සිය දිවි නසා ගැනීමට තරම් කිසිදු හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.

එසේ ම මෙම තරුණිය ලැඟුම්ගත් අඩි 6×4 කුඩා කාමරය බල්ලෙකුට පවා ජීවත් වීමට සුදුසු තත්ත්වයක නොමැති බවත් රාත්‍රී අවශ්‍යතාවක් සඳහා ආලෝකය ලබා ගෙන ඇත්තේ කඩදාසි දැල්වීමෙන් බවත් පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ.

අවශ්‍ය වුවහොත් දැරියගේ සිරුර ගොඩගෙන නැවත පුළුල් පරික්ෂණයට ලක් කරන බව පොලිස් විමර්ශන කණ්ඩායම් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *