රිලා වඳුරු ප්‍රශ්නෙට ඇමතිගෙන් අත්දුටු විසඳුමක්…!

January 6, 2025 at 10:12 am | by emanisa.lk

බොයිලර් නතර කරා නම් රිළා, වඳුරු මොණර ප්‍රශ්නය විසඳෙනු ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

කෙසේ වුව ද අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ තමන් ඉන් රිලවුන්ගේ මස් කෑමක් අදහස් නොකළ බවයි.

සතුන්ටත් සාධාරණයක් සිදු කළ යුතු සේම මිනිසුන්ට ද සාධාරණයක් ඉටු විය යුතු බව ද ඇමතිවරයා පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *