රෑට විදුලිය පැයක් කපන බව කියමින් රටම අඳුරට දමමින් පැය ගණන් විදුලිය කපයි!

April 6, 2019 at 9:38 am | by admin

ලංකා විදුලි බල මණ්ඩලය රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බවට නිවේදනය කළද රටපුරා ප්‍රදේශ රැසක අද (05) රාත්‍රීයේ පැය දෙකක පමණ කාලයක් විදුලිය විසන්ධි වී තිබිණ.

ඇතැම් ප්‍රදේශවල පැය එක හමාරක කාලයක් ද තවත් ප්‍රදේශවල පැය දෙකක පමණ කාලයක් ද වශයෙන් විදුලිය විසන්ධී වී තිබූ බව වාර්තාවේ.

දිනපතා දහවල් කාලයේ පැය තුනක කාලයක්ද රාත්‍රී කාලයේ පැයක කාලයක්ද ලෙස දිනකට පැය 4 ක් විදුලිය විසන්ධී කිරීම මෙතෙක් සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස