රෑට කුඹුරට යූරියා ගහලා දවල් කොම්පෝස්ට් දැම්මා…! රතන හිමි සමඟ කාබනික ගොවිතැන් කළ හැටි ජනතාව හෙළි කරති…!

October 17, 2021 at 8:31 am | by emanisa.lk

කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500කින් පමණ අස්වැන්න පහළ බැස ගිය බවට ගොවීහු චෝදනා කරති.

රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේ දී හෙක්ටයාරයකට වී කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බව ද රසායනික පොහොර ඉල්ලමිනි විරෝධතාවල යෙදෙන ගොවි ජනතාව කියා සිටියහ.

මාදුරුඔය කලාපයේ ගොවිතැන් කටයුතු කරන්න පිරිස් විසින් මෙම විරෝධතාව පවත්වන ලදී. එහිදී ඔවුන් තව දුරටත් කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන පටන් ගත්තේ තම ගොවි ජනපදයෙන් බවයි.

එහි දී කුඹුරට රාත්‍රියට යූරියා පොහොර දමා දහවල් කොම්පෝස්ට් පොහොර යොදමින් කාබනික ගොවිතැන සාර්ථක යැයි කියා පෙන්නූ බව ද ඔවුහු සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *