රැඳවුම් මධ්‍යස්ථානයේ දැරියන් මුදලට විකුණලා..!

June 9, 2024 at 3:54 pm | by emanisa.lk

පරිවාස දෙපාර්තමේන්තුවට අයත් ළමා රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියන් ලිංගික කටයතු සඳහා අලෙවි කරන රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය කියයි.

මහනුවර වේරලවත්ත ප්‍රදේශයේ පිහිටි ළමා රැඳවුම් මධ්‍යස්ථාන පාලිකාවක් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.

අධිකරණ නියෝග අනුව පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ දැරියන් රඳවා සිටී.

මඩාටුගම පොලිස් වසමේ ස්ථීර පදිංචි 17 හැවිරිදි දැරියක ඊයේ(08) රාත්‍රියේ මඩාටුගම පොලිස් ස්ථානයට කළ පැමිණීල්ලකට අනුව එම සිද්දිය සම්බන්ධයෙන් මෙලෙස පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *