රාහුලය ඉසුර විදුහල කළ විට මම විරුද්ධ වුණා! අමාරුවෙන් ගොඩනඟාගත් මගේ දේශපාලන ප්‍රතිරූපය වනසන්න එපා!

April 7, 2019 at 3:57 pm | by admin

තමන් දුප්පත් පවුලකින් පැමිණ දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගත්තේ ඉතා අසීරුවෙන් බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය පවසයි.

පසුගිය දිනවල පාසලක නම වෙනස් කර තමන්ගේ නම යෙදිම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා දැඩි ලෙස විවේචනයට ලක් විය.

සීතාවක ජනාධිපති විදුහලේදී ඊයේ (06) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ලිපිකරුවෙකුගේ පුතෙක් වන තමන් මව හෝ පියා නොමැතිව ගොඩනගා ගත් ප්‍රතිරූපය කුහක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් විනාශ නොකරන ලෙසයි ඹහු එහිදී ඉල්ලා සිටියේය.

තමා විසින් වැසී යාමට තිබූ පාසලක් ස්මාර්ට් පාසලක් බවට පත් කළ අතර එහි දෙමාපියන්ගේ ඉල්ලීමට සහ විදුහල්පතිවරයාගේ එකඟත්වයට අනුව පාසලේ නම වෙනස් කර ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

රාහුල විද්‍යාලය ලෙසින් මාදිවෙල ප්‍රදේශයේ පිහිටි මෙම පාසල ‘ඉසුර විදුහල’ ලෙස වෙනස් කිරීමට ඔවුන් ඉල්ලා සිටි අවස්ථාවේ තමන් විරුද්ධත්වය පළ කළ ද ඒකමතික තීරණයකින් නම් වෙනස් කිරීම පාසල් සංවර්ධන සමිතිය කටයුතු කළ බවයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *