ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඔවුන් සමග ආණ්ඩුව දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අමතරව රාජිත සේනාරත්න, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද ආණ්ඩුව සමග සන්ධානගත වීමට සූදානම් වෙමින් සිටින බව දැන ගන්ට තිබේ.