රාජාංගනේ lockdown!

July 13, 2020 at 9:34 pm | by emanisa.lk

කොරෝනා ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් හමු වූ රාජාංගනය යාය 1, 3 සහ 5 යන කලාපවල සංචරණය සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එම තීරණය ගනු ලැබුවේ එම පිරිස් සහ සෙසු ජනතාවගේ ආරක්ෂාවට බව ද ඔහු පැවසීය.

රාජාංගනය ප්‍රදේශයේ පැවති මළ ගෙදර සහ බණ සංවිධානය කළ අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කළේ නම් මෙවැන්නක් සිදු නොවීමට ඉඩ තිබුණු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුනි.

වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් ආසාදිතයා මගින් ඇති වූ කන්දකාඩු පොකුර පාලනයට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවද ඔහු කීය.

අද දින තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ද මෙම ප්‍රදේශවල සිදු වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *