රාජ්‍ය සේවක සාරි ඔසරි නීතිය නිමයි! මුහුණ නොවසා ඕනෑම ඇඳුමක් ඇඳීමට අවසර!

June 26, 2019 at 8:06 am | by emanisa.lk

රාජ්‍ය සේවකයින්ගේ කාර්යාල ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී ඒ සඳහා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවයේ කාන්තාවන්ට සාරිය, ඔසරිය අමතරව වෙනම ඕනෑම සංවර ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලැබෙන අතර, මුහුණ ආවරණය නොවන පරිදි එම ඇඳුම් ඇදිය යුතු වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *