රාජ්‍ය සේවක වැටුප් කපන්න අපි ඉඩ තියන්නේ නෑ…..! අවශ්‍ය නම් මැති ඇමතිලගේ පඩි කපාගන්න…! – මරික්කාර්…

August 21, 2021 at 5:46 pm | by emanisa.lk

ජීවන වියදම වත්මන් ආණ්ඩුව යටතේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබිය දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්, ඊට කිසිසේත්ම සමගි ජන බලවේගය ඉඩ නොතබන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස් එම්. මරික්කාර් සඳහන් කරයි.

ප්‍රසන්න රණතුංග, සිසිර ජයකොඩි වැනි අයගේ ප්‍රකාශවලින් ආණ්ඩුව රජයේ සේවකයින්ගේ පඩිය කැපීමට සූදානම් වන්නේ ද යන සැකය උපදින බව සමගි ජන බලවේග මාධ්‍ය ප්‍රකාශක එස් එම්. මරික්කාර් සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ ගජ මිතුරන්ට බදු සහන ලබා දීම නිසා මිලියන 800ක් රජයට අහිමි වූ බව මරික්කාර් පෙන්වා දුන්නේ ය.

පසුගිය සමයේ පෞද්ගලික සමාගම් විශාල වශයෙන් ලාභ ලැබූ බවත් ඔවුන්ට එමගින් සේවක වැටුප් අඛණ්ඩව ගෙවීමට සහ නව සේවකයින් බඳවා ගැනීමට හැකියාවක් ඇතැයි ද ඔහු අවධාරණය කරයි.

රජය රු. බිලියන 850ක පමණ මුදල් අච්චු ගැසීම නිසා උද්දමනය ඉහළ ගොස් ඇති බවත් රු. 120ට තිබූ පරිප්පු කිලෝව රු. 200ට ඉහළ ගොස් ඇති බවත් මැති ඇමැතිවරුන්ගේ පඩි කැපීමේ කිසිදු ගැටලුවක් නොමැති බවත් රාජ්‍ය සේවක වැටුප් කැපීමට කිසිදු සදාචරාත්මක අයිතියක් නොමැති බවත් මරික්කාර් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *