රාජ්‍ය සේවකයින්ට නව වැටුප් ක්‍රමයක්…! සියලු පුරවැසියන්ට විශ්‍රාම වැටුප්…!

November 21, 2021 at 7:53 am | by emanisa.lk

රාජ්‍ය සේවයේ පවතින සියලු වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ක්‍රමයක් ඇති කිරීමට ජාතික වැටුප් කොමිසන් සභාවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට සමගාමීව අලුත් වැටුප් වැඩි කිරීම් සිදු කිරීමට යෝජිත බව ද විශේෂයෙන් රජයේ වෘත්තීයවේදීන්ට විශේෂ වැටුප් වැඩි කිරීමක් සමඟ අලුත් වැටුප් පරිමාණයක් ඉදිරියේදී සකස් කෙරෙනු ඇත.

ඒ සමඟම වයස 65 ට වැඩි නමුත් විශ්‍රාම වැටුපක් නොලබන ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමට ද රජය ඉදිරියේ දී කටයුතු කිරීමට අපේක්ෂිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *