රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට රිංගාගත් අන්තවාදීන් ගැන බුද්ධි අංශ වාර්තාත් ආණ්ඩුව කුණු කූඩයට දාලා!

May 8, 2019 at 1:50 pm | by admin

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල උසස් රැකියා කරන පුද්ගලයන් විවිධ අන්තවාදී ක්‍රියා සඳහා සම්බන්ධ බවට බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර තිබුණ ද දේශපාලන අධිකාරිය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි බුද්ධි අංශ වාර්තාවක් මගින් හෙළිදරව් වී තිබේ.

එසේම මෙම අන්තවාදී නිලධාරීන් පිළිබඳ ඔවුන් සේවය කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නිසි බලධාරීන්ට ද දැනුම් දී තිබේ. මෙම ආයතන අතර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ආයතන ද පවතින අතර එම ආයතන හිමිකරුවන්ට ද බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

එහෙත් මෙම පිරිස දේශපාලන අධිකාරිය විසින් ආරක්ෂා කරන බවට ද ඇතැම් ආයතනවල අන්තවාදී කටයුතු සෙවීම සඳහා සිටින නිසි බලධරයන් සමග පවා මෙම අන්තවාදී කටයුතුවල නිරත වන නිලධාරීන් දැඩි සබඳතා ගොඩනඟා ගෙන ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස