රාජ්‍ය වෙසක් උත්සවය යාපනේ පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස්….! උතුරු නැඟෙනහිර විහාරස්ථාන 65ක් එක්වෙයි…!

February 26, 2021 at 9:19 am | by emanisa.lk

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී උපදෙස් දුන්නේය.

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස අග්‍රාමාත්‍යතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනට දැනුම් දුන්නේය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණය වීමයි. ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හින්දු, ක්‍රිස්ත්‍රියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු ද එක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *