රාජ්‍ය වියදමින් 25%ක් නාස්ති වෙනවා! නිසි කළමනාකරණයෙන් මේ රට අවුරුදු පහෙන් හදන්න පුළුවන්! – විගණකාධිපති

March 16, 2019 at 9:25 am | by admin

රාජ්‍ය ආයතන තුළ සිදු කෙරෙන නාස්තිය නිසා රාජ්‍ය වියදම්වලින් 25%ක ප්‍රතිශතයක් අවභාවිත වන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

රාජ්‍ය ආයතන තුළ නාස්තිය අවම කරගනු ලැබුවහොත් ඒ ආයතන සඳහා වියදම් වශයෙන් ලබා දී තිබෙන මුදල් වලින් 25%ක ප්‍රමාණයක් ඉතිරි කර ගතහැකි බවත්, නිසි ලෙස මුදල් කළමනාකරණය කරගෙන වියදම් කිරීමේ ක්‍රමවේදය වන මූල්‍ය විනය 100%ක් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන නොමැති බවත් රාවය සමඟ දීර්ඝ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කීය.

රාජ්‍ය ආයතන තුළ අතිශය විශාල ප්‍රමාණයක් කඩදාසි භාවිත කරන අතර ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බවත් අන්තර්ජාලය ආදී නවීන තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරිමෙන් කඩදාසි සඳහා වැය වන මුදල් ඉතරි කර ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය ආයතන ණය ලබාගෙන ව්‍යාපෘති සිදු කළත් ඒවායින් බොහෝමයක් දිගු කාලීන දැක්මක් නැති ඒවා බවට පත් වීම, රාජ්‍ය ආයතන පහළට ඇද වැටීමට හේතු වී තිබෙන බවද ඔහු අනාවරණය කළේය.

දකුණු කොරියාව දියුණු කිරීම සඳහා භාවිත කරන ලද ක්‍රමවේදය ශ්‍රී ලංකාවත් අනුගමනය කළහොත් අවුරුදු පහක පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගිය හැකි බව විගණකාධිපති ගාමීණි විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

රාවය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස