රාජ්‍ය නිලධාරීන්ට රාජකාරි වේලාවේ ෆේස්බුක් භාවිතය තහනම්!

August 19, 2019 at 2:43 pm | by emanisa.lk

ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප ඇතුළු සමාජ මාධ්‍ය භාවිත නොකර ජනතාවට සේවය කරන්නැයි ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න පැවසීය.

ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාරවරයා මේ බව පැවැසීය.

“ඌව කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්න පළාතක්. කාර්යාල වේලාවේදී නිළධාරීන් දුරකතනය බලාගෙන ෆේස්බුක්, වයිබර්, ඉමෝ,වට්ස්ඇප් වල ඉන්න බවට මට පැමිණිලි ලැබී තිබෙනවා.

එහෙම ඉන්නවානම් මේක කරුණාකරලා නතර කරන්න. රාජකාරී වේලාවේදී පෞගලික කටයුතු කරන්න එපා. අහිංසක ජනතාවගේ බදු මුදලින් තමයි අපි පඩි ගන්නේ රාජකාරී කරන වේලාවේදී රාජකාරිය හරියටම කරන්න”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස