රාජ්‍ය ඖෂධ සංස්ථාව හොර ගුහාවක්…! ඖෂධ මාෆියාවේ රජදහනක් වෙලා…! සභාපති ප්‍රසන්න වහා ඉල්ලා අස්වනු….! – අභයාරාමයේ සිට වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය කියයි…

October 20, 2021 at 10:01 pm | by emanisa.lk

රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අකාර්යක්‍ෂම සහ දූෂිත ආයතනයක් බවට පත්ව තිබීම නිසා එහි සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ එක ම බලධාරියා කැබිනට් අමාත්‍යවරයා මිස වෙනත් පුද්ගලයන් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන පවසයි.

රජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සෞඛ්‍ය අංශයේ ඇතැම් ප්‍රධානීන් ලවා නියෝග දෙමින් කිසියම් පුද්ගලයකුගේ බලයක් ආරෝපනය කරගනිමින් වෙනම සෞඛ්‍ය රාජධානියක් නිර්මාණය කරගෙන ඇති බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන, ඖෂධ ‘මාෆියාවක්’ ඇති කරමින් ජනතා මුදල් කාබාසනියා කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බව ද සඳහන් කළේය.

රජය සෞඛ්‍ය සේවාව සඳහා වසරකට වැය කරන රුපියල් බිලියන 300 න් (කෝටි 30000) සියයට 50 ක් පමණ ඖෂධ සහ උපකරණ සඳහා වැය කරන බවත් ඉන්දියවෙන් පිළිකා ඖෂධ ආනයනය නොකරන ලෙස විශේෂඥා වෛද්‍යවරු නිර්දේශ කර තිබියදී ද ඒවා ගෙන්වන බවටත් වෛද්‍ය බෙල්ලන චෝදනා කරයි.

රජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ස්ථාපිත කිරීමේ මූලිකම අරමුණ රටේ අසරණ ජනතාවට දරාගත හැකි මිලකට ගුණාත්මක ඖෂධ ලබාදීම යැයි කී වෛද්‍ය බෙල්ලන වැඩි දුරටක් පැවසුවේ රට තුළ බාල බෙහෙත් සහ ප්‍රමාදයට අමතරව බෙහෙත් මිල ද අහස උසට නැග ඇති බවය.

නාරාහේන්පිට අභයාරාමයේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *