රාජ්‍ය ඇමති අජිත් හරි! රාජ්‍ය ඇමති රංජන් තමා ඔළුවේ අමාරුකාරයකු බව පිළිගනී!

February 28, 2019 at 3:53 pm | by admin

ජනතා නියෝජිතයන් රට දියුණු කළ යුතු ආකාරය සාකච්ඡා කළ යුතු වුවද අනුන් කන බොන දෑ ගැන හොයන ඔළුවේ අමාරුකාරයන් පාර්ලිමේන්තුවේ සිටින බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පසුගියදා ප්‍රකාශ කළේය. මේ ඒ සඳහා පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක තැබූ ෆෙස්බුක් සටහනකි.

ඔව් බන් මට මොලේ අමාරුවක් තියෙනවා කියලා මටත් හිතෙනවා. මොකද මට උඹල වගේ දෙන දේ කාල, වෙන දේ, බලාගෙන ඉන්න බැරි නිසා.

උඹල ලක්ෂයේ වැඩි පඩි ඉල්ලලා අරගන්න කොට ඒක ගන්නේ නැතුව එපා කියල ඒකට එරෙහිව සටන් කරපු මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා.

උඹලා සැප වාහන ගන්න කොට මට එපා කියල අදටත් පරණ අමාත්‍යංශ වාහනේ යන මට මොලේ අමාරුවක් තියෙනවා.

උඹල ඇමති නිවාසවලට යන කොට තාම මන්ත්‍රී නිවාසේ ඉන්න මට පිස්සු තමයි. උඹල පාර්ලිමේන්තුවේ දීමනා වැඩිකරගන්න කොට ඒක එපා කියලා ඒකට එරෙහිව සටන්කරපු මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා.

දුෂණ චෝදනා තියෙන එවුන්ට උපනායකකම් ඇමතිකම් දෙනකොට ඒකට උඹල අප්පුඩි ගහන කොට ඒකට විරුද්ධව කතා කරන්න තරම් මට තිබුණේ ලොකු මොලේ අමාරුවක්.

ඇත්ත බං මට උඹලගේ මේ ඩීල් දේශපාලනයේ තේරෙන්නේ නැති ලොකු මොලේ අමාරුවක් තියෙනවා.

මේ කොකේන් කතාවේ රාජපක්ෂලා විතරයි ඉන්නේ කිව්වා නම් උඹලා අප්පුඩි ගහලා රන්ජා අපේ විරයා කියලා කියන බව මම දන්නවා.

ඒක දැන ගෙනම මේකේ ඉන්න ඔක්කොම ගැන කියන්නත් මට පිස්සු මචන්. උඹ හරි ලොක්කා මටත් තියෙන්නේ ඔය දෙපැත්තේම හොරු එක්ක පොඩි කොකේන් පාරක් ගහගෙන ඉන්න,

ඒක තේරුම්ගන්නේ නැතුව මේවා කියන මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා බං. උඹ හරි අජිත්, උඹ හරි, මම මීට පස්සේ උඹව ෆලෝ කරන්න උත්සාහ කරන්නම්, බොහොම ස්තුතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස