රාජ්‍ය ආයතන සභාපතිවරයකුගේ වැටුප ලක්ෂයයි! අධ්‍යක්ෂලාට 25000යි! ඉන්ධන දීමනා අඩු කෙරේ!

January 15, 2020 at 3:16 pm | by emanisa.lk

රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කර තිබේ. එම චක්‍රලේඛයට අනුව සභාපතිවරයා සඳහා මාසිකව ලබාදිය යුත්තේ ඉන්ධන ලීටර් 150ක් පමණි. අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයන් සඳහා මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලබාදිය යුතු අතර වෙනත් කිසිදු දීමනාවක් නොලැබෙන බව සඳහන් වෙයි.

රාජ්‍ය ආයතනවල මෙතෙක් පැවැති ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුරු අහෝසි කර ඇත. අවශ්‍ය නම් පමණක් ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු පත් කළ හැකි වෙයි. සභාපතිවරුන් සඳහා භාවිත කළ හැකි වන්නේ එක් නිල රථයක් පමණි.

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන අවම වියදමකින් පවත්වාගෙන යා යුතු බව ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදී තිබේ. සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සඳහා නව පරිශ්‍ර ලබානොගත යුතු වෙයි. ජනාධිපති කාර්යාල ලබාදී ඇති උපදෙස්වලට අනුව සියලුම නිලධාරීන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව එම චක්‍රලේයෙ කියයි.රාජ්‍ය ආයතන 300ක් සඳහා සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කෙරුණේ විශේෂ කමිටුවක් මගින්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස